සුපිරි නෘටිලස් ...

Posted on 4/07/2009 by තරිදු අබේදීර::Tharindu Abeydeera

හොදයි, මම ඊයෙ මගේ පළවෙනි සටහන ලියුවානේ අද දෙවනි එක හැබැයි අද මම ලියන්නේ ශිල්ප ලක්ෂණයන්ට(තාක්ෂණයට) අදාල දෙයක්, වඩාත් නිවැරදිව කියනවා නම් උබුන්ටු-ලිනක්ස්(Ubuntu-Linux) වලට අදාල දෙයක්...
ලිනක්ස් පාවිච්චි කරන බොහෝ අය Nutilus ගැන දන්නවා, හැබැයි හැමදාම පාවිච්චි කලත් නමින් නොදන්න අයත් ඉන්න බව මම හොදින් දන්නවා ;) කොහොම උනත් Nutilus කියන්නේ Ubuntu වල ඇතුලත්ව එන "ගොනු කලමණාකරන මෘදුකාංගය" (file manager) ඒ කියන්නේ Windows Explorer වෙනුවට උබුන්ටු වල තියෙන file manager එක (Ubuntu පාවිච්චි කරන බොහෝ දෙනා මේකෙ නම දන්නෙ නෑ :) )
ඉතින් Ubuntu පාවිච්චි කරන බොහෝ දෙනෙක් නගන මැසිවිල්ලක් තියෙනවා , බොහෝ වෙලාවට ගොනු(file) සම්බන්ධ වෙනස් කම් කරන්න ගියාම සුපිරි පරිශීලක (Super User) තත්ත්වය ලබා ගන්න වෙනවා, විශේෂයෙන්ම Windows වල තියෙන ගොනු Ubuntu වලට ගෙනාවාම ඒවායේ අවසරයන් (permission) වෙනස් වීම හින්දා ඒවාට මොකුත් කරන්න බැරිවෙන විදියට ඒ ගොනු ස්ථාවර(lock) වෙනවා එතකොට ඉතින් Terminal එකේ පිහිට තමයි මොකද සාමාන්‍යයෙන් සුපිරි පරිශීලක (Super User) තත්වය ගන්න භාවිතා කරන්නෙ ඒක හින්දා
නමුත් Terminal කියන වචනෙ ඇහිච්ච ගමන් නැගිටලා දුවන්න හදන අයත් ඉන්නවනේ ;) ඊටත් අමතරව Ubuntu වල විවිධ වීරක්‍රියා කරන්න උත්සාහ කරන අයත් ඉන්නවනේ(මේ මං වගේ ;) ) ඒ අයත් ගොනු පද්ධතියේ(file system) විවිධ වෙනස් කම් කරන්න උත්සාහකරන කොට මේ සුපිරි පරිශීලක (Super User) තත්ත්වය ඕන වෙනවා. සමහරු නම් Terminal එකට හරි ආසයි ඒත් සමහරැ ඒකට අකමැතියි , මම ඒ දෙක අතර මැද මම කැමති වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියකට .... ඒක හින්දා මම මෙහෙම හිතුවා Terminal එකේ තියෙන සුපිරි බලය Nautilus වලට දෙන්න ක්‍රමයක් නැද්ද කියලා... එතකොට සිම්පල් පලෑන් එකක් මගෙ ඔලුවට ආවා, මේ තියෙන්නේ මම කරපු දේ....................


 මම  Alt+F2 ඔබලා Run Application එක ගත්තා ඒකේ


                 gksudo nautilus කියලා පහත දැක්වෙන විධියට ලියුවා(මෙහි   gksu කියල ලියුවත් ප්‍රමාණවත්)






 gksudo කියන්නේ සාමාන්‍ය sudo වලින් Terminal එකේදී කරන අණකිරීම්(Command)Terminal එකෙන් පරිබාහිරව කරන්න ලබාදෙන අණ කිරීමක් වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුලුවන්......


ඊට පස්සේ මට ලැබුනේ මගේ රහස් වචනය ඇතුලත් කරන්න ලැබෙන සංවාද කොටුවක් ... එහි අදාල වචනය ඇතුල් කලාට පස්සේ මට ලැබුනේ  සුපිරි පරිශීලක (Super User) තත්ත්වය තිබෙන සුපිරි නෘටිලස්!!!



දැන් ඉතින් කැමති විදියට root එකේ බැරිනම් boot එකේ ඕනෙ වෙනස් කමක් කරගන්න පුලුවන් හැබැයි රජෝ පරිස්සමෙන්... මොකද දැන් කරන වෙනස් කම් නවත්තන්න පද්ධතිය (System)මැදිහත් වෙන්නෙ නෑ! ඒක නිසා පරිස්සමෙන් මොකද දැන් ඔබ සුපිරි පරිශීලක(Super User) බව අමතක කරන්න එපා, මොකද විශාල බලයක් එක්ක විශාල වගකීමකුත් ලැබෙනවා...
එහෙනම් සුපිරි නෘටිලස් සමග ඔබේ වීර චාරිකාවට මගෙන් සුභ පැතුම් ..........

5 Response to "සුපිරි නෘටිලස් ..."

.
gravatar
kesh Says....

හා...හා...එළ..එළ මමත් සුපිරි නෘටිලස් සමඟ මගේ වීර චාරිකාව අරභන්නම්.

මචං මේ word verification එක අයින් කරපන්කෝ.උඹ spam වලට බයද? හරි හරි spam කරන්න ගත්තොත් ආයෙත් දාපං

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

බොහොම ස්තූතියි.... ඔන්න word verification එක අයින් කලා.........

.
gravatar
Unknown Says....

මට නම් terminal එක හොඳා. ඕන දෙයක් ලේසි වෙන්න ලේසි වෙන්න ආරක්ෂාව අඩු වෙනව කියනවනේ.

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

ඔව්,ඔව් උඹ කියන කතාව ඇත්ත, මම ඒක යෝජනා කලේ Terminal එකට අකමැති අයට, මොකද Terminal එකේ වැඩ කරන්න වෙන එක සමහරු දකින්නෙ කරදරයක් විදියට ඒත් ආරක්ෂාව ගැන කියනවා නම් ඉතින් Terminal තමයි......