පහන් තරුව ...

The morning star rises











ගුවන සිසාරා හමන මද නල
පවසන දෙය ,වටහා ගැනීමට
තැත් කරමි ...
උස්ව නැගෙන රළ පෙල මතින්
ක්ෂිතිජය කරා දිවයමි ...
මගේ සිහිනය
කිසිදිනක සැබෑ නොවන බව
මසිතපවා පැවසුවද ...
මා තීර්ණය කර අවසන්ය ...
බොහෝ දුර යාමට ඇතත් ....
අවසන එය සිහිනයක්ම පමනක් උවත්
මා තීර්ණය කර අවසන්ය ...
හඹායාමට මගේ අරමුණ
මගේ සිහිනය
මගේ අනාගතය ...

කාලය වේගයෙන් ගලායයි
මේ මොහොත
නැවත කිසිදින නොඑළඹෙනු ඇත
එනමුදු ඉවසීම මගේ ධර්මයයි
හදිසිය මට අහිමි කල දෑ
ලබා ගනිමි කෙලෙසකහෝ
හද ගැස්ම නැගෙයි වේගවත්ව
කුමක් කරම්ද මම ?

සිහිනයෙන් අවදිවී
සොයමි ඒ ආලෝකයම
මා ලොව එකලු කල
ඒ පහන් තරුව
අදුරු වලාවන් අතර
සැඟවී ඇත ...

නේක තාරකාවන් බැබලෙන
අපරිමිත වූ විශ්වයේ
නිමක් නැති
මන්දාකිනි, තරු පොකුරු අතර
එක් තරුවක් සොයන නුඹ,
මෝඩයෙකු යැයි
අහස මට සිනාසුනද

අහස නුඹ දනීද
ඒ අලෝකයය
අන් කිසිදු තරුවකට
දිය නොහැකි බව
ඇස ගැටෙනා මානයට
ඔබ්බෙන් නුඹ නොදත් දේ
ඇති බව ...
අහස නුඹ නොදනී ...
කිසිවෙකුත් නොදනී ...

විශ්වාසයේ දැල (WOT:Web Of Trust)

WOT Website Reputation Scorecard

සාමාන්‍යයෙන් මිනිස්සු දැල් එලන්නේ මොනවා හරි අල්ල ගන්න ඒක බොහොවිට සතෙක් එහෙමත් නැතිනම් තවත් මනුස්සයෙක් අල්ල ගන්න යොදන උපායක් වන්නත් පුලුවන් ඒත් මම අද කියන්න යන දැල එහෙම එකක් නෙවෙයි, ඒක ඇත්තෙන්ම Firefox web browser එකට ඇතුලත් කර ගන්න පුලුවන් add-on එකක් .

ඒකෙන් සිද්ධ වෙන වැදගත් කාර්යය තමයි අපි අන්තර්ජාලයේ සැරිසරද්දී නොදැනුවත් කමින් ඇතුල් වෙන හානි දායක වෙබ් අඩවිගැන කල් තියාම අපිව දැනුවත් කරන එකයි හදිසියේ වත් pop-up එකක් විදියට හානි දායක වෙබ් පිටුව විවෘත උනොත් එම වෙබ් පිටුවට ඇතුල් වීමෙන් තාවකාලිකව අපිව නවත්වලා අනතුරු ඇඟවීමක් කරන එක . මේ සේවාව නොමිලේ දෙන දෙයක් උනත් ඒක ලබාගන්න මූලික ලියාපදිංචි වීමක් වෙන්න ඕන , ඊට අමතරව අපිට පුලුවන් ඕනෑම වෙබ් අඩවියක් ගැන අපේ අදහස ලබා දෙන්නත් . ඉතින් මේ Link මාර්ගයෙන් පුලුවන් එම add-on එක ලබා ගන්න .....








Reblog this post [with Zemanta]

Dia...... ඒ මොකක්ද ඒ ?

Dia (software)
Dia කිව්වාම මොකක්ද හිතෙන්නේ ? ගෑනු ළමයෙක් නමක් කියලා ද ?... හම්.... ඒක ටිකක් ඒ වගේ තමයි ඒත් මම කියන්න යන Dia ගෑනු ළමයෙක් නම් නෙමෙයි(හැබැයි Dia කියල අපි දන්න කෙනෙකුත් ඉන්නවා ;)  ) , ඒක මෘදුකාංගයක්..... :)

Dia  රූපසටහන් නිර්මාණය(Diagram Editing) වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන විවෘත කේත (Open Source) මෘදුකාංගයක්

 
මේ  මෘදුකාංගය නිර්මානය කරලා තියෙන්නේ Microsoft Visio කියන මෘදුකාංගයට ආදේශකයක් විධියටයි. මේ මෘදුකාංගය මගින් UML, Gane and Sarson(DFD) සහ පහත දැක්වෙන සියලුම වර්ගයන්ගේ රූපසටහන් නිර්මාණය කරගන්න පුලුවන්...  

මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය තමයි මේක ඉතාම පුංචි නමුත් බොහොම ප්‍රබල මෘදුකාංගයක් වීම ඊට අමතරව මේක භාවිතට හුරුවෙන්නත් ඉතාම පහසුයි වගේම මේකේ වැඩ කරන එකත් හරිම ආස හිතෙන වැඩක් වීම.... ඉතින් තව කතා මොකටද Dia පාවිච්චිකරලාම බලන්න...

Linux වලට නම් මෙතනින් Dia ගන්න....
Windows වලට නම් මෙතනින් Dia ගන්න.... නවතම එලිදැක්වීම මෙතනින්...


මෙහෙමයි උබුන්ටු (Ubuntu) වලනම් මේ වැඩේ තවත් ලේසියි 
Applications-->Add/Remove
ගිහිල්ලා සෙවීම වෙනුවෙන් තියෙන කොටුවේ Dia කියලා ලියන්න...


 ඊට පස්සේ Dia සලකුණු කරලා පද්ධතියට ඇතුල් කරගන්න... හරිම සරලයි ...
මේ තියෙන්නේ මම Dia භාවිතයෙන් නිර්මාණය කරපු රූප සටහනක්....


සුපිරි නෘටිලස් ...

හොදයි, මම ඊයෙ මගේ පළවෙනි සටහන ලියුවානේ අද දෙවනි එක හැබැයි අද මම ලියන්නේ ශිල්ප ලක්ෂණයන්ට(තාක්ෂණයට) අදාල දෙයක්, වඩාත් නිවැරදිව කියනවා නම් උබුන්ටු-ලිනක්ස්(Ubuntu-Linux) වලට අදාල දෙයක්...
ලිනක්ස් පාවිච්චි කරන බොහෝ අය Nutilus ගැන දන්නවා, හැබැයි හැමදාම පාවිච්චි කලත් නමින් නොදන්න අයත් ඉන්න බව මම හොදින් දන්නවා ;) කොහොම උනත් Nutilus කියන්නේ Ubuntu වල ඇතුලත්ව එන "ගොනු කලමණාකරන මෘදුකාංගය" (file manager) ඒ කියන්නේ Windows Explorer වෙනුවට උබුන්ටු වල තියෙන file manager එක (Ubuntu පාවිච්චි කරන බොහෝ දෙනා මේකෙ නම දන්නෙ නෑ :) )
ඉතින් Ubuntu පාවිච්චි කරන බොහෝ දෙනෙක් නගන මැසිවිල්ලක් තියෙනවා , බොහෝ වෙලාවට ගොනු(file) සම්බන්ධ වෙනස් කම් කරන්න ගියාම සුපිරි පරිශීලක (Super User) තත්ත්වය ලබා ගන්න වෙනවා, විශේෂයෙන්ම Windows වල තියෙන ගොනු Ubuntu වලට ගෙනාවාම ඒවායේ අවසරයන් (permission) වෙනස් වීම හින්දා ඒවාට මොකුත් කරන්න බැරිවෙන විදියට ඒ ගොනු ස්ථාවර(lock) වෙනවා එතකොට ඉතින් Terminal එකේ පිහිට තමයි මොකද සාමාන්‍යයෙන් සුපිරි පරිශීලක (Super User) තත්වය ගන්න භාවිතා කරන්නෙ ඒක හින්දා
නමුත් Terminal කියන වචනෙ ඇහිච්ච ගමන් නැගිටලා දුවන්න හදන අයත් ඉන්නවනේ ;) ඊටත් අමතරව Ubuntu වල විවිධ වීරක්‍රියා කරන්න උත්සාහ කරන අයත් ඉන්නවනේ(මේ මං වගේ ;) ) ඒ අයත් ගොනු පද්ධතියේ(file system) විවිධ වෙනස් කම් කරන්න උත්සාහකරන කොට මේ සුපිරි පරිශීලක (Super User) තත්ත්වය ඕන වෙනවා. සමහරු නම් Terminal එකට හරි ආසයි ඒත් සමහරැ ඒකට අකමැතියි , මම ඒ දෙක අතර මැද මම කැමති වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියකට .... ඒක හින්දා මම මෙහෙම හිතුවා Terminal එකේ තියෙන සුපිරි බලය Nautilus වලට දෙන්න ක්‍රමයක් නැද්ද කියලා... එතකොට සිම්පල් පලෑන් එකක් මගෙ ඔලුවට ආවා, මේ තියෙන්නේ මම කරපු දේ....................


 මම  Alt+F2 ඔබලා Run Application එක ගත්තා ඒකේ


                 gksudo nautilus කියලා පහත දැක්වෙන විධියට ලියුවා(මෙහි   gksu කියල ලියුවත් ප්‍රමාණවත්)






 gksudo කියන්නේ සාමාන්‍ය sudo වලින් Terminal එකේදී කරන අණකිරීම්(Command)Terminal එකෙන් පරිබාහිරව කරන්න ලබාදෙන අණ කිරීමක් වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුලුවන්......


ඊට පස්සේ මට ලැබුනේ මගේ රහස් වචනය ඇතුලත් කරන්න ලැබෙන සංවාද කොටුවක් ... එහි අදාල වචනය ඇතුල් කලාට පස්සේ මට ලැබුනේ  සුපිරි පරිශීලක (Super User) තත්ත්වය තිබෙන සුපිරි නෘටිලස්!!!



දැන් ඉතින් කැමති විදියට root එකේ බැරිනම් boot එකේ ඕනෙ වෙනස් කමක් කරගන්න පුලුවන් හැබැයි රජෝ පරිස්සමෙන්... මොකද දැන් කරන වෙනස් කම් නවත්තන්න පද්ධතිය (System)මැදිහත් වෙන්නෙ නෑ! ඒක නිසා පරිස්සමෙන් මොකද දැන් ඔබ සුපිරි පරිශීලක(Super User) බව අමතක කරන්න එපා, මොකද විශාල බලයක් එක්ක විශාල වගකීමකුත් ලැබෙනවා...
එහෙනම් සුපිරි නෘටිලස් සමග ඔබේ වීර චාරිකාවට මගෙන් සුභ පැතුම් ..........

ආරම්භය.............. වෙනසකට සූදානම් වන්න .............

ආයුබෝවන් , මම තරිදු අබේදීර මේ මගේ පලමු වෙනි Blog සටහනයි..... හැබැයි මගේ Blog එක ගැන වැඩි විස්තර හෙව්වොත් එහෙම ඔගොල්ලන්ට හොයා ගන්න පුලුවන් වෙයි මම මේ Blog එක පටන් ගත්තේ මීට මාස ගනනකට කලින් ඒ කියන්නෙ 2008 ජුනි මාසෙ කියලා , එහෙනම් මම කොහොමද දැන් පලවෙනි බ්ලොග් එක ලියන්නේ? උත්තරය හරිම සරලයි බ්ලොග් එකක් පටන් ගත්තට මම මොකුත් ලිව්වෙ නෑනෙ ! ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ කම්මැලි කම , අනික් හේතු තමයි මට ලියන්න කියලා ඒහැටි කරුනු නොතිබීම ඊටත් වඩා මම ලියන දේවල් කියවන්න පිරිසක් ඉන්න එපායැ කව්රුවත් කියවන්නෙ නැත්නම් මොනකෙහෙල් මලකට ලියනවා ද කියලා මට හිතුන හින්දා...... හැබැයි ඕවයින් ඇත්තම හේතුව මොකක්ද දන්නව ද මගේ කම්මැලිකම :)

කොහොම හරි Blog එකක් ලියන්න ඕනෙ කියන අදහස මගෙ හිතට ආවෙ විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ මොකද මගෙ මිත්‍රයො ගොඩ දෙනෙක් Blog ලියන්න පටන් ගත්ත හින්දා . මම Blog ගැන දැන ගත්තේ මීට අවුරුදු කීපයකට කලින් ඒකලෙ Blog කියවපුවාම මට හිතුනෙ මේක මහ වැඩකට නැති දෙයක් කියලා මොකද සමහර Blog වල තිබුනේ කිසිම තේරුමකට නැති වල්පල් හැබැයි ඒව හින්දා මම හැම Blog එකක් ගැනම ඇතිකර ගත්ත ආකල්පය හරිම වැරදියි කියලා දැන් මම පිලිගන්නවා මොකද ඉතාම ප්‍රයෝජනවත් හොද Blog විශාල ප්‍රමාණයක් මම දැන් කියවලා තියෙන හින්දා....... ඉතින් මෙගේ සටහනේ හැමෝටම වැදගත් වන යමක් ලියන්න මම උත්සාහකරනවා හැබැයි ඉතින් මගේ හිතට එන එක එක පිස්සු විකාරත් සමහර විට ලියවෙයි ඒවගේ දේවල් දිරවන්නෙ නැති අයගෙන් මම කලින්ම සමාව ඉල්ලනවා ඒ කොහකම උනත් මේකෙ ගොඩක් ශිල්ප-ලක්ෂණයන්ට{සිප්ලකුව}(තාක්ෂණයට : Technology කියන ඉංග්‍රීසි වචනය "තාක්ෂණය" කියලා පරිවර්තනය කර ගත්තාට ඒ වචනේ කිසිම තේරුමක් නෑ කියලා ප්‍රවීණ භාෂා විශාරද ඊලියන් ද සිල්වා; මෙතුමා දොරමඩලාව වැඩසටහනට පවා සහභාගි වෙලා තියනවා, ශූරීන් පූජිත ජීවිත නම් චරිතාපදාන කෘතියේ ලියලා තියෙනවා ඒවගේම ඒ පොතේ තියන විදියට Engineer කියන ඉංග්‍රිසි වචනයට දීලා තියෙන "ඉංජිනේරුවා" කියන සිංහල වචනයත් කිසිම තේරුමක් නැති වවනයක් හරි වචනය නම් "මැවිසුරු" කියන එකයි ඒකෙ තේරුම මැවීමේ ශූර කියන එකයි) සම්බන්ධ දේවල් ලියවේවි මොකද මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ Linux වඩාත් නිවැරදිව කියනවා නම් Ubuntu මෙහෙයුම් පද්ධතිය ඉතින් මගේ මිතුරනුත් ගොඩ දෙනෙක් Linux පාවිච්චි කරනවා, මගේ මේ විවෘත කේත (Open Source)දේවල් ගැන තියෙන උනන්දුව නිසාම මම මේ සම්බන්ධ මෘදුකාංග ගැන යම් දැනුමක් මට තියෙනවා නමුත් මම ඒ දැනුම හරියට හුවමාරු කරගන්නේ නෑ කියලා චෝදනාවකුත් තියෙනවාඉතින් මේ Blog එක හරහා ඒවෙනුවෙනුත් යමක් කරන්න ඕන..............

ඉතින් මං ගැන තව ටිකක් කියනවා නම් මම විනෝදාංශයක් විදියට මිනිස්සුන්ට උදව් කරනවා කොහොම උනත් එහෙම උදවු කරන්න ගිහින් වැඩිපුරම කන්න වෙන්නෙ කටු තමයි(එහෙම කිව්වෙ හිතේ තරහකින් නම් නෙමෙයි :) ) කාටහරි පුලුවන් විදියකට උදව්වක් කරලා ඒකෙනා සතුටු වෙන හැටි බලලා පැත්තකට වෙලා නිශ්ශබ්දව සතුටු වෙන්නයි මම කැමති කොහොම උනත් ඒ උදව් කරන සමහර අයගේ සමහර වැඩ හින්ද දුක හිතෙන අවස්ථා එහෙමත් තියෙනවා ඒ උනාට මම ඒ දේවල් හිතේ තියාගෙන ඉන්නෙ නෑ මම කෙනෙක්ට උදවු කරන්නෙ කිසිම දෙයක් ආපහු බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි ........... හරි අදට මේ ඇති මම අනං මනං ලිවුවා වැඩි ද මන්දා හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙනවා මම ලියන හැම සටහනකම අලුත් දෙයක් තියේවි මම අදත් ඒක ඉෂ්ට කලා බොරු නම් හොදින් කියවලා බලන්න..............