ආරම්භය.............. වෙනසකට සූදානම් වන්න .............

Posted on 4/06/2009 by තරිදු අබේදීර::Tharindu Abeydeera

ආයුබෝවන් , මම තරිදු අබේදීර මේ මගේ පලමු වෙනි Blog සටහනයි..... හැබැයි මගේ Blog එක ගැන වැඩි විස්තර හෙව්වොත් එහෙම ඔගොල්ලන්ට හොයා ගන්න පුලුවන් වෙයි මම මේ Blog එක පටන් ගත්තේ මීට මාස ගනනකට කලින් ඒ කියන්නෙ 2008 ජුනි මාසෙ කියලා , එහෙනම් මම කොහොමද දැන් පලවෙනි බ්ලොග් එක ලියන්නේ? උත්තරය හරිම සරලයි බ්ලොග් එකක් පටන් ගත්තට මම මොකුත් ලිව්වෙ නෑනෙ ! ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ කම්මැලි කම , අනික් හේතු තමයි මට ලියන්න කියලා ඒහැටි කරුනු නොතිබීම ඊටත් වඩා මම ලියන දේවල් කියවන්න පිරිසක් ඉන්න එපායැ කව්රුවත් කියවන්නෙ නැත්නම් මොනකෙහෙල් මලකට ලියනවා ද කියලා මට හිතුන හින්දා...... හැබැයි ඕවයින් ඇත්තම හේතුව මොකක්ද දන්නව ද මගේ කම්මැලිකම :)

කොහොම හරි Blog එකක් ලියන්න ඕනෙ කියන අදහස මගෙ හිතට ආවෙ විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ මොකද මගෙ මිත්‍රයො ගොඩ දෙනෙක් Blog ලියන්න පටන් ගත්ත හින්දා . මම Blog ගැන දැන ගත්තේ මීට අවුරුදු කීපයකට කලින් ඒකලෙ Blog කියවපුවාම මට හිතුනෙ මේක මහ වැඩකට නැති දෙයක් කියලා මොකද සමහර Blog වල තිබුනේ කිසිම තේරුමකට නැති වල්පල් හැබැයි ඒව හින්දා මම හැම Blog එකක් ගැනම ඇතිකර ගත්ත ආකල්පය හරිම වැරදියි කියලා දැන් මම පිලිගන්නවා මොකද ඉතාම ප්‍රයෝජනවත් හොද Blog විශාල ප්‍රමාණයක් මම දැන් කියවලා තියෙන හින්දා....... ඉතින් මෙගේ සටහනේ හැමෝටම වැදගත් වන යමක් ලියන්න මම උත්සාහකරනවා හැබැයි ඉතින් මගේ හිතට එන එක එක පිස්සු විකාරත් සමහර විට ලියවෙයි ඒවගේ දේවල් දිරවන්නෙ නැති අයගෙන් මම කලින්ම සමාව ඉල්ලනවා ඒ කොහකම උනත් මේකෙ ගොඩක් ශිල්ප-ලක්ෂණයන්ට{සිප්ලකුව}(තාක්ෂණයට : Technology කියන ඉංග්‍රීසි වචනය "තාක්ෂණය" කියලා පරිවර්තනය කර ගත්තාට ඒ වචනේ කිසිම තේරුමක් නෑ කියලා ප්‍රවීණ භාෂා විශාරද ඊලියන් ද සිල්වා; මෙතුමා දොරමඩලාව වැඩසටහනට පවා සහභාගි වෙලා තියනවා, ශූරීන් පූජිත ජීවිත නම් චරිතාපදාන කෘතියේ ලියලා තියෙනවා ඒවගේම ඒ පොතේ තියන විදියට Engineer කියන ඉංග්‍රිසි වචනයට දීලා තියෙන "ඉංජිනේරුවා" කියන සිංහල වචනයත් කිසිම තේරුමක් නැති වවනයක් හරි වචනය නම් "මැවිසුරු" කියන එකයි ඒකෙ තේරුම මැවීමේ ශූර කියන එකයි) සම්බන්ධ දේවල් ලියවේවි මොකද මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ Linux වඩාත් නිවැරදිව කියනවා නම් Ubuntu මෙහෙයුම් පද්ධතිය ඉතින් මගේ මිතුරනුත් ගොඩ දෙනෙක් Linux පාවිච්චි කරනවා, මගේ මේ විවෘත කේත (Open Source)දේවල් ගැන තියෙන උනන්දුව නිසාම මම මේ සම්බන්ධ මෘදුකාංග ගැන යම් දැනුමක් මට තියෙනවා නමුත් මම ඒ දැනුම හරියට හුවමාරු කරගන්නේ නෑ කියලා චෝදනාවකුත් තියෙනවාඉතින් මේ Blog එක හරහා ඒවෙනුවෙනුත් යමක් කරන්න ඕන..............

ඉතින් මං ගැන තව ටිකක් කියනවා නම් මම විනෝදාංශයක් විදියට මිනිස්සුන්ට උදව් කරනවා කොහොම උනත් එහෙම උදවු කරන්න ගිහින් වැඩිපුරම කන්න වෙන්නෙ කටු තමයි(එහෙම කිව්වෙ හිතේ තරහකින් නම් නෙමෙයි :) ) කාටහරි පුලුවන් විදියකට උදව්වක් කරලා ඒකෙනා සතුටු වෙන හැටි බලලා පැත්තකට වෙලා නිශ්ශබ්දව සතුටු වෙන්නයි මම කැමති කොහොම උනත් ඒ උදව් කරන සමහර අයගේ සමහර වැඩ හින්ද දුක හිතෙන අවස්ථා එහෙමත් තියෙනවා ඒ උනාට මම ඒ දේවල් හිතේ තියාගෙන ඉන්නෙ නෑ මම කෙනෙක්ට උදවු කරන්නෙ කිසිම දෙයක් ආපහු බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි ........... හරි අදට මේ ඇති මම අනං මනං ලිවුවා වැඩි ද මන්දා හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙනවා මම ලියන හැම සටහනකම අලුත් දෙයක් තියේවි මම අදත් ඒක ඉෂ්ට කලා බොරු නම් හොදින් කියවලා බලන්න..............

4 Response to "ආරම්භය.............. වෙනසකට සූදානම් වන්න ............."

.
gravatar
Unknown Says....

අප්පා උඹේ මේ පළවෙනි බ්ලොග් එක ලියව ගන්න තිබිච්ච අමාරුවක්. මම හැමදාම උඹට වද කරනවනෙ ලියපන් ලියපන් කියල. එළ එළ
සුභ පැතුම් දිගටම ලියපන්.

RSS හදන්න මේ සයිට් එකෙන් හදාගන්න පුළුවනි.
http://www.feedburner.com/

සිංහල බ්ලොග් කියවනයට එකතු කරන්න මේ සයිට් එකට යන්න
http://blogs.sinhalabloggers.com/add-blog/

මේ word verification එක අයින් කරපන්කෝ

.
gravatar
kesh Says....

එළ.. එළ.. කම්මැලියත් එහෙනං වැඩට බැස්ස නේද? හරි..හරි..මේ ඊළඟ එක ලියන්න ලබන අවුරුද්ද වෙනකන් ඉන්නෙපා හරිද? මචං උඹේ කවි දෙක තුනකුත් ඉදල හිටල හරි දාපන් මම උඹේ කවි වලට ආසයි.

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

උඹලාගෙ දිරිගැන්වීම් වලට ගොඩක් ස්තූතියි....
හරි මම නියම වෙලාවට තව Blog සටහන් ලියන්නම්...... ;)