Dia...... ඒ මොකක්ද ඒ ?

Posted on 4/08/2009 by තරිදු අබේදීර::Tharindu Abeydeera

Dia (software)
Dia කිව්වාම මොකක්ද හිතෙන්නේ ? ගෑනු ළමයෙක් නමක් කියලා ද ?... හම්.... ඒක ටිකක් ඒ වගේ තමයි ඒත් මම කියන්න යන Dia ගෑනු ළමයෙක් නම් නෙමෙයි(හැබැයි Dia කියල අපි දන්න කෙනෙකුත් ඉන්නවා ;)  ) , ඒක මෘදුකාංගයක්..... :)

Dia  රූපසටහන් නිර්මාණය(Diagram Editing) වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන විවෘත කේත (Open Source) මෘදුකාංගයක්

 
මේ  මෘදුකාංගය නිර්මානය කරලා තියෙන්නේ Microsoft Visio කියන මෘදුකාංගයට ආදේශකයක් විධියටයි. මේ මෘදුකාංගය මගින් UML, Gane and Sarson(DFD) සහ පහත දැක්වෙන සියලුම වර්ගයන්ගේ රූපසටහන් නිර්මාණය කරගන්න පුලුවන්...  

මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය තමයි මේක ඉතාම පුංචි නමුත් බොහොම ප්‍රබල මෘදුකාංගයක් වීම ඊට අමතරව මේක භාවිතට හුරුවෙන්නත් ඉතාම පහසුයි වගේම මේකේ වැඩ කරන එකත් හරිම ආස හිතෙන වැඩක් වීම.... ඉතින් තව කතා මොකටද Dia පාවිච්චිකරලාම බලන්න...

Linux වලට නම් මෙතනින් Dia ගන්න....
Windows වලට නම් මෙතනින් Dia ගන්න.... නවතම එලිදැක්වීම මෙතනින්...


මෙහෙමයි උබුන්ටු (Ubuntu) වලනම් මේ වැඩේ තවත් ලේසියි 
Applications-->Add/Remove
ගිහිල්ලා සෙවීම වෙනුවෙන් තියෙන කොටුවේ Dia කියලා ලියන්න...


 ඊට පස්සේ Dia සලකුණු කරලා පද්ධතියට ඇතුල් කරගන්න... හරිම සරලයි ...
මේ තියෙන්නේ මම Dia භාවිතයෙන් නිර්මාණය කරපු රූප සටහනක්....


6 Response to "Dia...... ඒ මොකක්ද ඒ ?"

.
gravatar
kesh Says....

හරි..මමත් dia install කරගත්ත thank U වෙන්න ඕන. ආ මේ මම මුලින් හිතුවෙ උඹ මේ අපේ DIA ගැන කියන්න යනව කියල බැලින්නං මේ වෙන DIA කෙනෙක් නෙ. හික්:.හික්:.

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

Actually I added it to the sinhala bloggers union but don't know whether it was done correctly anyway i'll check it again :) thanks a lot.....

.
gravatar
Unknown Says....

උඹ ඕක මට කිව්වෙ අර හද්ද පරණ Easy Case එකෙන් මම කන්න ඕන කටු ඔක්කොම කෑවට පස්සෙ නේ.

Dia කියල තියන එක මට බැලූ බැල්මට පෙනුනෙ Dakki වගේ. හික් හික්
මම බැලුව මෂියරය මේ මොනවද ලියල තියෙන්නෙ කියල.

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

අනේ මේ බසන්නෝ උඹට හැම බන්බුවක්ම පේන්නේ Dakki වගේනේ බලාගෙන ගියාම මට නෙමෙයි අමාරුව තියෙන්නේ උඹටනේ... ඇයි මේ හැම එකාටම මාවයි Dakki වයි පටලවන්න හදන්නේ ... මුන්ට පිස්සු.... ;)