විශ්වාසයේ දැල (WOT:Web Of Trust)

Posted on 7/14/2009 by තරිදු අබේදීර::Tharindu Abeydeera

WOT Website Reputation Scorecard

සාමාන්‍යයෙන් මිනිස්සු දැල් එලන්නේ මොනවා හරි අල්ල ගන්න ඒක බොහොවිට සතෙක් එහෙමත් නැතිනම් තවත් මනුස්සයෙක් අල්ල ගන්න යොදන උපායක් වන්නත් පුලුවන් ඒත් මම අද කියන්න යන දැල එහෙම එකක් නෙවෙයි, ඒක ඇත්තෙන්ම Firefox web browser එකට ඇතුලත් කර ගන්න පුලුවන් add-on එකක් .

ඒකෙන් සිද්ධ වෙන වැදගත් කාර්යය තමයි අපි අන්තර්ජාලයේ සැරිසරද්දී නොදැනුවත් කමින් ඇතුල් වෙන හානි දායක වෙබ් අඩවිගැන කල් තියාම අපිව දැනුවත් කරන එකයි හදිසියේ වත් pop-up එකක් විදියට හානි දායක වෙබ් පිටුව විවෘත උනොත් එම වෙබ් පිටුවට ඇතුල් වීමෙන් තාවකාලිකව අපිව නවත්වලා අනතුරු ඇඟවීමක් කරන එක . මේ සේවාව නොමිලේ දෙන දෙයක් උනත් ඒක ලබාගන්න මූලික ලියාපදිංචි වීමක් වෙන්න ඕන , ඊට අමතරව අපිට පුලුවන් ඕනෑම වෙබ් අඩවියක් ගැන අපේ අදහස ලබා දෙන්නත් . ඉතින් මේ Link මාර්ගයෙන් පුලුවන් එම add-on එක ලබා ගන්න .....








Reblog this post [with Zemanta]

7 Response to "විශ්වාසයේ දැල (WOT:Web Of Trust)"

.
gravatar
මිලින්ද Says....

මේක ෆයර්ෆොක්ස් වලට අවශ්‍යම එකතුවක්, මමත් භාවිතා කරනවා. මා සම්බන්ධ වෙන්න හැදූ වෙබ් අඩවි කීපයකම ආරක්ෂාව ගැන මාව දැනුවත් කරා. WOT සමගින් මැක‍ෆි සයිට් ඇඩ්වයිසර්ත් භාවිතා කරනවානම් තවත් ආරක්ෂා සහගතයි.

.
gravatar
Indranama Says....

හොඳයි.. ඔන්න මමත් ඇඩ් කරගත්තා.

--
Facebook අඩවිය Privacy අතින් Excellent කියලා පෙන්නනකොට නම් මැරෙනකම් හිනා :D

.
gravatar
තරිදු අබේදීර::Tharindu Abeydeera Says....

@ මලින්ද
ඔව් දැන් එන අලුත් Anti-Virus වලත් WOT වගේම පහසු කම් තියෙනවා , ඒක ගොඩක් හොදයි මොකද දැන් අන්තර්ජාලයේ අවශ්‍ය දේවල් වලට වඩා කුනු ගොඩවල් වැඩියි, මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් හොයන්න ගියත් අන්තිමේ නතර වෙන්න වෙන්නෙ කුනු ගොඩක ඒක හින්දා WOT හරිම ප්‍රයෝජනවත් ....

@ප්‍රවීන්
Facebook වල Privacy ගැන නම් කියලා වැඩක් නෑ, උපරිමයි නේ ;) , ඇත්තටම WOT Facebook වල Privacy Excellent කියලා පෙන්නන හේතුව WOT පාවිච්චි කරන අනිත් අය ඒක ඒ විදියට WOT වලට ලබා දීල තියෙන එකයි මොකද ඉතින් තාමත් ගොඩක් අය Facebook වල Privacy හොදයි කියලා හිතනවනේ :D

@Supun
පාවිච්චි කරලා බලන්න, අලත් හොද අත්දැකීමක් වේවි :)

.
gravatar
budhajeewa Says....

@තරිඳ:
මම වම් ආපහු ඇඩොන් එක අක්‍රීයකළා. ඒක දැම්මම නිකං ස්ලෝ වෙනව වගේ දැනුන.